Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මීගමු රෝහල ඉදිරිපිට පවත්වාගෙන යනු ලබන උපස්ථාන කටයුතු සඳහා සේවක සේවිකාවන් සපයන ආයතනයක හතරදෙනෙකුට පි.සි.ආර් පරීක්ෂණ ප්‍රතිඵල අනුව කොරෝනා ආසාදනය වී ඇතැයි මීගමුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වසන්ත සෝලංගආරච්චි මහතා පවසයි.

මෙම ආයතනය රෝහල ඉදිරිපිට විජයපාල මෙන්ඩිස් මාවතේ පිහිටා ඇති අතර රෝහලේ නේවාසිකව සිටින රෝගීන් සඳහා මුදල් ගෙවීමෙන් අනතුරුව මෙම ආයතනයෙන් උපස්ථාන සේවක සේවිකාවන් ලබාගත හැකිය.

හඳුනාගත් හතර දෙනා ගෙන් එක් සේවකයකු පමණක් රෝහලේ රෝගීන් සඳහා උපස්ථාන කටයුතු සඳහා යෙදී ඇති බව අනාවරණය විය.

මේ අතර සරණාගත පකිස්තාන ජාතිකයන් දෙදෙනකු ද කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබේ. මේ අනුව මීගමුව නගර සීමාවෙන් හඳුනාගත් කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 315 දක්වා ඉහළ ගොස් ඇතැයි පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසයි.

ඩි මිහිඳු කුල – කොච්චිකඩේ 

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *