Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මුඛ ආවරණ නොපැළඳීම ගැන විරෝධය පල කළ නුවරඑළිය මහ නගර සභාවේ පුද්ගලයෙකුට නුවරඑළිය නගරයේ පිහිටි ආපන ශාලාවක සේවකයින් විසින් පහර දි තුවාල සිදු කිරිම සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය විමර්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

නුවරඑළිය වසන්ත සමයට සමගාමිව පසුගිය දින කිහිපය තුළ දේශිය සංචාරකයන් විශාල පිරිසක් නුවරඑළිය නගරයට පැමිණ සිටි අතර, එහිදි සෞඛයය අංශ නිලධාරින් විසින් නුවරඑළිය නගරයේ වෙළදුන්ට සහ පැමිණෙන සංචාරකයන්ට උපදෙස් ලබා දී තිබුණේ සෞඛ්‍යය උපදෙස් වලට අනුකුලව කටයුතු කරන ලෙසයි.

පසුගිය 17 දින රාත්‍රි 8ට පමණ පහර කෑ පුද්ගලයා නුවරඑළිය නගරයේ රාජකාරි කටයුත්තක නිරතව සිටි අවස්ථාවේ අදාළ ආපන ශාලාවේ සේවිකාවන් මුඛ ආවරණ නොපැලඳ ආහාර පාන සංචාරකයන්ට ලබාදෙන අවස්ථාවේ ඒ පිළිබඳව විමසිමක් කර තිබෙනවා.

එමඅවස්ථාවේ ආපන ශාලාව ඇතුලත පැමිණ බලන ලෙසට එම ආපන ශාලාවේ සේවකයින් විසින් කළ දැනුම් දිමක් මහතා ඔහු ආපන ශාලාව තුළට ගිය අවස්ථාවේ එහි ආපන ශාලාවේ සියළුම සේවකයින් එක් වි ඔහුට පහර දි තුවාල සිදු කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අප නුවරඑළිය මහ නගර සභාවෙ උසස් නිලධාරියෙකුගෙන් කළ විමසුමකට ඔහු කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන්එම ආපන ශාලාව එක් දිනක් තාවකාලිකව වසා දමා නුවරඑළිය පොලිසිය වෙත පැමිණිල්ලක් කළ බවයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *