Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

හලාවත මුන්නේශ්වරමේ පිහිටි කාලි මාතා කෝවිලේ තිබු කාලි මාතා පිළිමයක් කිසිවකු සොරා ගෙන ගොස් තිබෙන බව හලාවත පොලිසිය පවසනවා.

එම කොවිලේ භාරකරු බව කියන කාන්තාවක විසින් හලාවත පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර තිබෙනවා.

කෝවිලේ දේවප්‍රතිමා තැන්පත් කර ඇති කාමරයේ තිබු මෙම දේව මාතා ප්‍රතිමාව අතුරුදහන්ව තිබූ බවත් එය කිසිවකු විසින් සොරා ගෙන ගොස් ඇති බවට තමන් සැකකරන බවත් ඇය පොලිසියට දන්වා තිබුණා.

ඉන්දියාවේ දි පස්ලෝවලින් නිපදවා ඇති මෙම ප්‍රතිමාව බැතිමතුන්ගේ විශේෂ ගෞරවාදරයට පාත්‍රව පැවැති බව අනාවරණය වී ටිබෙනවා.

මේ සම්බන්ධයෙන් කෝවිලේ භාරකරු බව කියන කාන්තාව හමුවී විමසු අවස්ථාවේ දි ඇය මාධ්‍යයට කිසිවක් පැවැසීමට අකමැති බව කියමින් කිසිදු ප්‍රකාශයක් කිරීම ප්‍රතික්ෂේප කළා.

හලාවත පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් මෙම කෝවිලට පැමිණ විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.

Munneswaram Kovil Temple (Chilaw) - 2020 All You Need to Know BEFORE You Go  (with Photos) - Tripadvisor
Sri Munneswaram Devasthanam, Chilaw - Lakpura™
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *