Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රුපියල් බිලියන ගණනක දැවැන්ත වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාර කර ඇති තිකෝ ව්‍යාපාර සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂිකා තිළිණි පියුමාලි සන්තකයේ තිබී ජංගම දුරකතනයක් හසුවී තිබෙනවා.

ඒ, ඊයේ (09) උදෑසන වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ සිදුකල සෝදිසි කිරීමකදියි. අදාළ සැකකාරියක් වන තිළිණි පියුමාලි සන්තකයේ තිබී මෙම ජංගම දුරකතනයක් හමු වී තිබෙනවා.

බන්ධනාගාර හදිසි ප්‍රතිචාර බලකාය විසින් මෙම දුරකතනය සොයාගෙන ඇති අතර, මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ මෙහයවීමට නියමිත බව යි වාර්තා වන්නේ.

එමෙන්ම තිළිණි පියුමාලි සමඟ ව්‍යාපාරික සම්බන්ධතා පැවත්වූ බව කියන කොළඹ ප්‍රමුඛතම මිශ්‍ර ආයෝජන ව්‍යාපෘතියක ප්‍රධාන විධායක නිලධාරිනියකගෙන්ද පසුගිය සෙනසුරාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති අතර ඇයගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

කොළඹ කොටුවේ පිහිටි ද වන් (The One) නමින් හඳුන්වන ක්‍රිෂ් සමාගම විසින් අලුතින් පිහිටුවන ලද මිශ්‍ර ආයෝජන  ව්‍යාපෘතියේ ප්‍රධාන විධායක නිලධාරිනි ජානකි සිරිවර්ධන මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතු නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම්වලට ලක්ව ඇත.

ඇය සම්බන්ධයෙන් මෙම වංචාවට හසුවූ අයෝජකයන් සහ වංචාව සිදුකළ බවට චූදිත තිළිණි ප්‍රියමාලි විසින් කරන ලද ප්‍රකාශ මත ඇයගෙන් මේ පිළිබඳ ව ප්‍රශ්න කර තිබේ.

මෙම වංචාව සම්බන්ධව මුලින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ තැනැත්තා පවසා ඇත්තේ පසුගිය මැයි 03 අසාද් සාලි හමුවීමට ඔහුගේ නිවසට යද්දී එහි සිටි ජානකී සිරිවර්ධන හමු වූ බවත් තිලිණි ප්‍රියමාලිගේ ව්‍යාපාරයන්හි මුදල් ආයෝජනය කරන ලෙස තමන්ට දැනුම් දුන්නේ ඇය බවත්ය.

මේ අතර තිළිණි ප්‍රියමාලි ස්වකීය කට උත්තරතවල සඳහන් කර ඇත්තේ තමන්ගේ ව්‍යාපාරයේ මුදල් වැඩි වශයෙන් ආයෝජනය කර ඇත්තේ ජානකී සිරිවර්ධන ප්‍රධාන විධායක නිලධාරී තනතුරු දරන The One මිශ්‍ර ව්‍යාපෘතියේ බවය.

කෙසේ වෙතත් තිලිණි ප්‍රියමාලි තමන්ගෙන් ආයෝජන උපදෙස් ලබා ගත් නමුත් ඇයගේ ව්‍යාපාරයේ මුදල් The One ව්‍යාපෘතියේ ආයෝජනය කර නැති බව ජානකී සිරිවර්ධන සිය කටඋත්තරයේ සඳහන් කර ඇත.

ජානකී සිරිවර්ධන සම්බන්ධයෙන් තවත් ආයෝජකයන් ගණනාවක් සිය ප්‍රකාශවල සටහන් කිරීමට නියමිත බව සඳහන් වන අතර අද දිනයේ ද මෙම සමාගමේ කෝටි 75ක් ආයෝජනය කළ වෛද්‍යවරයකු ඇතුළු ආයෝජකයන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට පැමිණිලි කිරීමට නියමිත බව වාර්තා වේ.

එම පැමිණිලි සහ ප්‍රකාශවලින් පසුව ජානකී සිරිවර්ධන තවදුරටත් ප්‍රශ්න කිරීම්වලට ලක්වනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ වනවිට ලැබෙන තොරතුරු අනුව තිලිණි ප්‍රියමාලි විසින් වංචාකළ බවට තක්සේරු කළ හැකි මුදල රුපියල් බිලියන 05 ඉක්මවනු ඇතැයි වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *