Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මුල්ලේරියාව රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුට එම රෝහලේදී සිදුකළ අහඹු PCR පරීක්ෂණයකින් ඔවුන් කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වී ඇති බව Covid -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

උඩුමුල්ල සහ මාළිගාගොඩැල්ල යන ප්‍රදේශ දෙකක පදිංචිකරුවන් වන මෙම ආසාදිතයින් දෙදෙනා සාමාන්‍ය උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට මුල්ලේරියාව රෝහලට ඊයේ පැමිණ තිබෙන අතර එහිදී ඔවුන්ව PCR පරීක්ෂණයකට ලක් කිරීමට රෝහල් බලධාරින් පියවර ගෙන තිබෙනවා.

අද දිනයේදී ලැබුණු එම පරීක්ෂණ වාර්තාවන් අනුව එම පුද්ගලයින් දෙදෙනා හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *