Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මුල්ලේරියාව රෝහලේ ස්ථාපනය කර ඇති PCR යන්ත්‍රයේ නැවත වරක් දෝෂයක් පැන නැගී තිබෙනවා.

අද (15) උදෑසන රුපවාහිනී වැඩසටහනකට සජීවීව එක් වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් අසේල ගුණවර්ධන සඳහන් කරන්නේ අද උදෑසන අවසන් වූ පැය 24 කාලය තුලදී PCR පරීක්ෂණ වල ප්‍රථිපල ලබා දීම යම් ප්‍රමාදයක් සිදු වූ බවයි.

කෙසේ වෙතත් ඔහු සඳහන් කරන්නේ අද එය යථා තත්වයට පත් කරන බවයි.

ඔහු සඳහන් කරන ආකාරයට PCR යන්ත්‍රයට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය වල ප්‍රශ්නයක් නිසා මෙලෙස නැවත PCR පරීක්ෂණ ප්‍රථිපල නිකුත් කිරීම ප්‍රමාද වී ඇති බවයි.

“යන්ත්‍ර සුත්‍ර වල තිබ්බ ප්‍රශ්නේ විසදුවා. ඒ සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය වල ප්‍රශ්නයක් ඇවිල්ලා තමයි. පිට රටින් එන්න ඕනේ පිටරටින් එන එකේ ප්‍රශ්නයක් ඇවිල්ලා තමයි පසුගිය දවස් දෙකේ ප්‍රශ්නේ ආවේ”

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *