Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

හදිසි අසනීපයක් හේතුවෙන් මීගමුව මහරෝහලට ඇතුලත් කළ රෝගියෙකු මියගිය බව සලකා වෛද්‍යවරයෙකු විසින් මෘත ශරීරාගාරය වෙත යොමු කිරීමේ පුවතක් මීගමුව රෝහලෙන් වාර්තා වනවා.

මීගමුව මැදපිටිපන ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකු හදිසි අසනීපයක් නිසා ඔහුගේ බිරිඳ විසින් ඊයේ (09) අලුයම මීගමුව මහ රෝහලේ මූලික ප්‍රතිකාර අංශයට ඇතුලත් කර තිබෙනවා.

පසුව එහි රාජකාරී කළ වෛද්‍යවරයෙකු විසින් මෙම රෝගියා පරීක්ෂාකර බලා දැනුම් දී ඇත්තේ ඔහු මිය ගොස් ඇති බවයි.
ඉන් පසුව රෝගියා මෘත ශරීරාගාරය වෙතද යොමු කර තිබෙනවා.

ඒ අතරතුර ඥාතීන්ට පෙනී ගොස් ඇත්තේ මිය ගිය බව කියූ රෝගියාගේ අතක් චලනය වන ආකාරයයි.
එය දුටු ඥාතීන් වහා රෝහල් කාර්ය මණ්ඩලය ගෙන්වා රෝගියා එම රෝහලේ 04 වන වාට්ටුවට ඇතුලත් කර තිබෙනවා.

මොහු රෝගී තත්වයට පත්ව ඇත්තේ රුධිරයේ සීනි මට්ටම අඩුවීම නිසා බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් පසුව අනාවරණය වී ඇත්තේ එම රෝගියා මිය ගොස් නොමැති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට රෝහල් පාලන අධිකාරිය තීරණය කර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන් ඊයේ (09) දිනයේම සෞඛ්‍ය අමාත්‍යංශය හරහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුවත් කළ බවයි මීගමුව මහ රෝහලේ අධ්‍යක්ෂිකා නිර්මලා ලෝගනාදන් මහත්මිය ප්‍රකාශ කළේ.

මීට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන්ද විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ඇය පැවසුවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *