ලංකන් ප්රිමියර් ලීග් විස්සයි20 ක්රිකට් තරගාවලියට සහභාගීවීම සඳහා දිවයිනට පැමිණි පාකිස්තාන තුන් ඉරියව් ක්රීඩක සොහේල් තන්වීර්ට කෙරෝනා වෛරසය ආසාදන වී තිබෙන බව වාර්තා වනවා.
දිවයිනට පැමිණිමෙන් අනතුරුව මුහුණදුන් PCR පරීක්ෂණයේදී ඔහුට වෛරසය ආසාදනය වී තිබෙන බව තහවුරු වී තිබෙනවා.
ලයෑම් ප්ලන්කට් සහ වහබ් රියාස් තරගාවලියෙන් ඉවත් වීමෙන් පසුව තන්වීර්, කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම සමග එක් වුණා.
මින් පෙර කොළඹ කිංග්ස් කණ්ඩායමට ඇතුළත්ව සිටින කැනේඩියානු ක්රීඩක රවින්ද්රපාල් සිංටද කොරෝනා වයිරසය ආසාදනය තිබෙන බව තහවුරු වුණා.
LPL තරඟාවලිය නියෝජනය කිරීමට මෙරටට පැමිණෙන විදෙස් ක්රීඩකයින් සියලු දෙනා අවස්ථා කිහිපයකදීම PCR පරීක්ෂණ වල යොමු කර දින 7ක නිරෝධායනයට යොමු කරනු ලබනවා.
මේ අතර කොරෝනා ආසාදනය වූ කැනේඩියානු ක්රීඩක රවින්ද්රපාල් සිං සමඟ එකම ගුවන් යානයේ මෙරටට පැමිණි කොළඹ කිංග්ස් කණ්ඩායමේ ඇන්ඩ්රේ රසල් මේ වන විට හුදෙකලා කොට නිරෝදායනයට (Bio-bubble) ලක් කොට තිබෙනවා. ඔහුගේ ඉදිරී PCR පරීක්ෂණ මඟින් කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වුවහොත් බොහෝ දුරට තරඟාවලිය ආරම්භයේ සිටම ඔහුට ක්රීඩා කිරීමට හැකියාව ලැබෙනු ඇත.