Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඊයේ (24) දිනය තුල කොරෝනා මරණ 33ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,243ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම මරණ 33න් 14 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 19දෙනා පිරිමි පුද්ගලයින් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මියගිය පුද්ගලයින් අවුරුදු 46ත් 104ත් අතර වයස්වල පසුවන්නන් බවට තහවුරු වී තිබේ.

අදාළ මරණ 33න් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබෙන්නේ ඊයේ (24) වන අතර ඉතිරි මරණ 28 මැයි 17 සිට මැයි 23 දක්වා කාලය අතර තුර වාර්තා වී තිබුණා.

ඊයේ වාර්තා වූ කොරෝනා මරණ අතර ශ්‍රී ලංකාවේ වයස්ගතම කොරෝනා මරණය වාර්තා වුනා. ඒ වයස අවුරුදු 104ක ගිනිමැල්ලගහ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් නිව්මෝනියා රෝගී තත්වය උත්සන්නව මිය යෑම හේතුවෙන්.

මියගිය පුද්ගලයින්ගේ විස්තර පහතින් දැක්වේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *