Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන්ට විශේෂයෙන් වැලඳෙමින් තිබෙන කළු දිලීර රෝගය ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවන බව වෛද්‍ය පර්යේෂණායතනයේ දිලීරවේදී විශේෂඥ වෛද්‍ය ප‍්‍රිමාලි ජයසේකර මහත්මිය සඳහන් කරයි.

ශ්‍රී ලංකාව තුළින් 2019 වසරේ දී කළු දිලීර ආසාදිතයන් 42දෙනකු, 2020 වසරේදී 24 දෙනකු, 2021 වසරේ මේ දක්වා කාලයේ දී ආසාදනය වූවන් 24 දෙනකු වාර්තා වූ බව ද ඇය සඳහන් කළාය.

නමුත් ඒ ආසාදිතයන් කිසිවකු කොරෝනා වෛරසය ආසාදනය වූවන් නොවන බවද ඇය කියා සිටියාය.

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයෙකුට කළු දිලීරය ආසාදනය වීමක් ගැන මෙතෙක් තහවුරු වීමක් නැතැයිද ඇය කියා සිටියාය.

කළු දිලීරය ශ්‍රී ලංකාවේ පස්වල ඕනෑතරම් ඇතැයි ද කී ඇය එය ආසාදනය වන්නේ ප්‍රතිශක්තිකරණය දුර්වල අයට යයිද සදහන් කළාය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඇය මෙම අදහස් පළ කරන ලදී.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *