Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශ්‍රී ලංකාවේ අන්තවාදීන් මර්දනය කිරීම සඳහා සහාය දැක්වීමට රුසියානු රජය ඉදිරිපත් වී තිබෙනවා.

ඒ අනුව මානුෂීය ආධාර මුවාවෙන් මෙරට අන්තවාදීන්ට අරමුදල් සපයන විදේශ සංවිධාන 20 ක් පිළිබඳ තොරතුරු හෙළි වී ඇති බව සඳහන්.

එම තොරතුරු ශ්‍රී ලංකාවට ලබා දෙන බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යුරි මටෙර් මේට් ජනපති ගෝඨාභය රාජපක්ෂ සහ මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර වෙත මේ බව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට අන්තවාදීන් 1000 ක් රහසිගතව ක්‍රියාත්මක වන බව බුද්ධි සේවාවන් විසින් සොයා ගෙන තිබෙනවා

මේ නිසා ප්‍රථම වරට SFB බුද්ධි සේවාව විදෙස් අන්තවාදී සංවිධාන සහ ඔවුන් ශ්‍රී ලංකාවේ අන්තවාදීන් සමඟ සබඳතා පවත්වන ‘ඇප්’ අඩවි ගැන ද තොරතුරු මෙරටට සපයනු ලබනවා.

කෙසේ වෙතත් මෙම විදෙස් අන්තවාදී සංවිධාන නිරීක්ෂණය කිරීමේ පහසුකම් ශ්‍රී ලංකාවේ හමුදාවට රහස් පොලිසියට හෝ බුද්ධි සේවාවන්ට නොමැති බව සඳහන්.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *