Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රුසියානු – යුක්රේන යුද්ධය වර්ධනය වීමත් සමඟ සිය මව් රටට යෑමට නොහැකිව මෙරටට වී සිටින යුක්රේන සංචාරකයින් යළි මව් රටට යාමට නොහැකිව දැඩි පීඩාවකට පත්ව සිටිනවා.

එම සංචාරකයින් පවසන්නේ එම රටවලින් මුදල් ගෙන්වා ගැනීමේ ගැටළුවක් මතුවීම හේතුවෙන් තමන් රැඳී සිටින හෝටල්වලට මුදල් ගෙවීමේ ගැටලුවකට පවා මේ වනවිට තමන් මුහුණ දී සිටින බවයි.

යුක්රේන ජාතික තරුණියක් මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටදී විරෝධතාවක නිරත වුයේ ‘කරුණාකර යුක්රේනය තුළ යුද්ධය එපා’ යැයි යනුවෙන් සඳහන් පුවරුවක්ද රැගෙන සිටි ඇය ඉල්ලා සිටියේ යුක්රේනයට එරෙහි යුද්ධය නවතා දමන ලෙස ලෝකයට ප්‍රචාරය කරන ලෙසයි.

මේ අතර බෙන්තොට ප්‍රදේශයේ සංචාරක හෝටල්වල රැඳී සිටින යුක්රේන ජාතිකයින්ගේ සුවදුක් විමසීමට රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අද සංචාරයක නිරතවුණා.

එහිදී එම සංචාරකයින් ඉල්ලා සිටියේ පවතින තත්ත්වය හමුවේ තමන්ට තවදුරටත් මෙරට රැඳී සිටීමට අවස්ථාව ලබා දෙන ලෙසයි.

මේ අතර රුසියානු ආක්‍රමණය හමුවේ මෙරට තුළ සිටින යුක්රේන ජාතිකයින්ට නවාතැන් ලබාදීමට සූදානම් බව කළුතර ප්‍රදේශයේ විශ්‍රාමික යුද හමුදා හෙද නිලධාරියෙකු පවසනවා.

Leave a Reply

Your email address will not be published.