Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද ලක්ෂයේ සීමාව ඉක්මවා ගියා. ඒ අද දිනයේ කොරෝනා ආසාදිතයින් 826 දෙනෙකු වාර්තාවීමත් සමගයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 100517 ක්.

මේ අතර, කළුතර – දකුණ පොලිස් වසමේ අධිකාරිගොඩ ග්‍රාම නිලධාරි වසම ද අද පස්වරු 6 සිට හුදකලා කෙරුණා.

මේ දිනවල ශ්‍රී ලංකාවෙන් වාර්තා වන්නේ බ්‍රිතාන්‍යයේ කෙන්ට් ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ප්‍රභේදයට සමාන ප්‍රභේදයක් බවට විශේෂඥයින් මත පළ කර ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ පෙනහළු වලට හානි වීමෙන් පසුව බවයි.

මේ අතර, මොනරාගල – ඇතිමලේ පොලීසියේ 15 දෙනෙකු කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇති බව පොලීසිය සඳහන් කළා.

උණ රෝග ලක්ෂ පෙන්නුම් කළ පොලීසියේ 4 දෙනෙකුට සිදුකළ කොරෝන පරීක්ෂණයකදී ආසාදිතයින් 3 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඔවුන්ගේ ආශ්‍රිතයන්ට සිදුකළ පරීක්ෂණවලින් තවත් ආසාදිතයින් 12 දෙනෙකු හඳුනාගෙන ඇති බව සඳහන්.

දැරණියගල – ඉලුක්තැන්න ග්‍රාමයේ සිදුකළ කොරෝනා පරීක්ෂණ 10 කින් ආසාදිතයින් 9 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා සංචරණ සීමා පැනවීම කෙරෙහි අවධානය යොමුව ඇති බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද වීරසූරිය ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ හෙට පැවැත්වීමට නියමිත දැරණියගල සතිපොල ද තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *