අද දිනයේ අද දහවල් තවත් රෝගීන් 10 ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.
ඒ අනුව මේ වනවිට සොයා ගෙන ඇති නව රෝගීන් සංඛ්‍යාව 567 ක් වනවා.
අද දිනයේ මේ දක්වා වාර්තා වූ සියළුම ආසාදිතයින් නාවික හමුදා සාමාජිකයින් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
සුවය ලැබූ කොරෝනා රෝගීන් ගණන 126 දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.
පුද්ගලයන් 424 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.
මේ දක්වා වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ, පුත්තලම, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවලින්.
