Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොවිඩ්-19 ආසාදිත රෝගීන් තවත් 5දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (05) තහවුරු කළේය.

ඒ අනුව, මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 586කි.

මෙලෙස මියගොස් ඇත්තේ බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 80 හැවිරිදි කාන්තාවක්, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, යාපනය ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 77 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

මේ අතර අද දිනයේ කොවිඩ් රෝගීන් 137ක් වාර්තා වූ බව සෞඛ්‍ය බලධාරීන් පැවසීය.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *