කොරොනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලය 06 දෙනෙකු මරණයට පත් වී තිබේ.
ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 390 දක්වා ඉහළ යයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම තොරතුරු සහතික කරයි.
මෙලෙස මියගොස් ඇත්තේ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 83 හැවිරිදි කාන්තාවක්, හබරාදූව ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි කාන්තාවක්, නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිව සිටි 77 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, මීගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි කාන්තාවක්, මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ නාරංගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
