Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කෝවිඩ්-19 ආසාධනය වීමෙන් මේ වන විට ශ්‍රී ලංකාව තුළ පුද්ගලයින් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

මේ අතුරෙන් පහෙන් එකක් හෙවත් 20% ක් ම මරණ සිදුව ඇත්තේ ඒ ඒ රෝගීන්ගේ නිවෙස් තුළ දී ය.

ඊයේ (5) මිය ගිය පුද්ගලයින් පස් දෙනාගෙන් තුන් දෙනෙකුගේම මරණ සිදු වූයේ නිවෙස් තුළ වන අතර ඉන් පෙර සිදු වූ මරණ තුනක් ද සිදු වූයේ නිවෙස් තුළ දී ය.

එසේම, අවසාන මරණ 7 ම සිදුවන විටත් එම පුද්ගලයින් මිය යන්නේ කොරෝනා ආසාධනය වීමෙන් බව දැන නොසිටීම ද විශේෂත්වයකි. ඔවුන් සියලු දෙනාම කොරෝනා ආසාධිතයින් බව හදුනාගත්තේ මරණයෙන් පසු සිදු කරනු ලැබූ පීසීආර් පරීක්ෂණ වලිනි.

ශ්‍රීලංකාව, පීසීආර් පරීක්ෂණ සිදු කිරීම සම්බන්ධයෙන් ලෝකයේ දුර්වලම රටවල් අතර ඉහළින්ම සිටින රටකි. ඒ අනුව, පුද්ගලයින් මිලියනයක් අතුරෙන් පීසීආර් පරීක්ෂණ සිදු කිරීම අනුපාතයක් ලෙස සැලකීමේ දී ශ්‍රී ලංකාව සිටින්නේ ඒ අතර 149 වෙනි ස්ථානයේය. මේ වන විට ලංකාව සිදුකර ඇති මුළු පීසීආර් පරීක්ෂණ ගණන ලක්ෂ හයක් පමණක් වේ. එම අනුපාතය මිලියනයකට විසි පන් දහසකි.

මේ වන විට වැඩිම කෝවිඩ් පරීක්ෂණ ගණනක් සිදු කර ඇත්තේ චීනය වන අතර එම ගණන 160,000,000 කි. එම අගය අනුපාතයක් ලෙස පුද්ගලයින් මිලියනයකට 111,163 කි. වැඩිම පරීක්ෂණ ගණනක් සිදු කළ සෙසු රටවල් වන්නේ ඇමරිකාව, ඉන්දියාව, රුසියාව, එංගලන්තය, ජර්මනිය, බ්‍රසීලය, ස්පාඤ්ඤය, ප්‍රංශය හා ඉතාලියයි. එම සෑම රටක්ම කෝවිඩ් පරීක්ෂණ මිලියන 15 කට වඩා සිදු කර තිබෙන අතර අනුපාතයක් ලෙස එම ගණන මිලියනයකට ලක්ෂ දෙකේ සීමාව ඉක්මවා (ඉන්දියාව හා බ්‍රසීලය හැර) තිබෙනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *