ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 80,517 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ ඊයේ අලුතින් හඳුනාගත් ආසාධිතයින් 518 දෙනාත් සමගයි.
ඔවුන්ගෙන් 487 දෙනෙකු පෑලියගොඩ කොරෝනා පොකුරේ ආසාධිතයින්ගේ ආශ්‍රිතයන් වන අතර තවත් 03 ක් බන්ධනාගාර ආශ්‍රිතව හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරේ ආසාධිතයන් ගණන 76,413 ක් දක්වා ඉහළ ගියා.
මේ අතර විදේශයන්හි සිට පැමිණි 28 දෙනෙකුද ඊයේ ආසාධිතයන් ලෙස හඳුනාගැනුණා.
මේ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාධිතයින් අතරින් 4957 ක් මේ වන විට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටින අතර සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 75,110 ක්.
මේ අතර ඊයේ දිනයේදී මෙරටින් තවත් කොරෝනා ආසාධිත මරණ 5 ක් වාර්තාවීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 450 ක් දක්වා ඉහළ ගියා.
