Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මෙරට කොවිඩ් ආසාදිත දරුවන් 45,831ක් පමණ වන අතර, ඉන් දරුවන් 14 දෙනකු මියගොස් ඇති බව සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ (05) ප්‍රකාශ කළා.

ඒ අතර වයස අවුරුදු 10ට අඩු කොවිඩ් ආසාදිත දරුවන් 19,688ක් ද, වයස අවුරුදු 10ත් 18ත් අතර දරුවන් 26,143ක් ද වාර්තා වී තිබෙන බවයි අමාත්‍යවරිය පැවසුවේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27/2 යටතේ පසුගියදා මතු කරන ලද ප්‍රශ්නයකට ඊයේ (05) පිළිතුරු දෙමින් ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව සඳහන් කළා.

වයස අවුරුදු 18ට අඩු දරුවන්ට ෆයිසර් එන්නත දීමේ හැකියාව මේ වන විට අධ්‍යයනය කරමින් පවතින අතර, ඒ සම්බන්ධ අවසන් තීරණය දරුවන් සඳහා කොවිඩ් එන්නත්කරණය පිළිබඳ අනුමැතිය දීමේ විද්වත් කමිටුව (ACCD) විසින් දෙනු ඇති බවයි එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *