Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මෙරට කොරෝනා ආසාදිතයන් සඳහා වෙන්කරන ලද දැඩි සත්කාර ඒකක (ICU) ඇඳන් තවත් ඉතිරිව ඇත්තේ 25 ක් පමණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කරයි.

දැනට මෙරට කොරෝනා ආසාදිතයන් සඳහා මුළු රට තුලම දැඩි සත්කාර ඒකක ඇඳන් 215 වෙන්කර ඇත්තේ රාජ්‍ය අංශයේ 189 ක් සහ පෞද්ගලික අංශයේ 26ක් ලෙසයි.

මෙම ඇදන් වලින් 190 පිරී ඇති බවත් ඉතිරිව ඇත්තේ 25 පමණක් බවත් ඒ මහතා පැවැසීය.

පවතින තත්ත්වය මත ජනතාව දැඩි වගකීමෙන් කටයුතු කළ යුතු බවත් සෞඛ්‍ය පද්ධතිය උපරිම ධාරිතාවේ පවතින බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *