Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ගිනි ගැනීමට ලක්වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව අනතුරට ලක්වීමට පෙර එහි කපිතාන්වරයා වෙත නෞකාවේ මෙරට නියෝජිතායතනය විසින් යවන ලද ඊ මේල් පණිවුඩ කිහිපයක් මකා දැමීමක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් විසින් හෙළිකර ගනු ලැබ ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම ඊ මේල් ලිපිනයට අයත් ‘ආරක්‍ෂිත විද්‍යුත් තැපැල් ගොනුව’ ලබා ගැනීමට අධිකරණ නියෝගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ 07 කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මියගෙන් ඉල්ලා තිබුණි.

නෞකාවේ ගින්න නයිට්‍රික් අමිලයෙන් සිදුවූ බවට තොරතුරු මුලින් කියැවුණත් ඊට ප්‍රථමයෙන් ඇමෝනියා මත ගින්න හටගෙන ඇති බවට මෙතෙක් කර ඇති විමර්ෂණවලින් හෙළි වී ඇතැයිද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය අද දැනුම්දී තිබේ.

එසේම නෞකාවේ කපිතාන්වරයා ඇතුළු නිලධාරීන්ගෙන් ලබාගත් සියලුම ප්‍රකාශ එකිනෙකට පරස්පර බැවින් වැඩි දුරටත් විමර්ෂණ සිදුකෙරෙමින් පවතින බවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.

සිංගප්පුරුවේ එක්ස්ප්‍රස් ෆීඩර් සමාගමට අයත් මෙම නෞකාවේ දේශීය නියෝජිතයා ලෙස කටයුතු කර ඇත්තේ සී කොන්සෝටියම් ලංකා නම් සමාගමයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *