මෙරට භූ ගර්භයේ ඇති ඛනිජ සම්පත් හඳුනා ගැනීම සඳහා නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පියවර ගෙන තිබෙනවා.
ඒ සඳහා රුපියල් මිලියන 3.5 ක වටිනාකමකින් යුත් නව තාක්ෂණය සහිත උපකරණ ප්‍රංශයෙන් මිලදී ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මෙරට ඇතැම් ස්ථානවල පිහිටා ඇති ඛනිජ සම්පත් හඳුනා ගැනීම සඳහා අධික වියදමක් දැරීමට සිදුවන හෙයින් නව තාක්ෂණය යොදා ගනිමින් එම ගවේෂණ කටයුතු සිදුකිරීමේදී වැය වන පිරිවැය අවම කර ගැනීම මෙම වැඩපිලිවලෙහි අරමුණයි.