Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ලංකාවේ ලාබාලතම කොවිඩ් මරණය වාර්තා වී තිබෙනවා.

රිච්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බිළිදෙකු මෙලෙස මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

බිළිදාගෙ වයස දින 20ක් බවයි රෝහලේ අධ්‍යක්ෂක වරයා සඳහන් කරන්නේ.

මේ පිළිබඳව අඳහස් දක්වමින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂක ජි.විජේසුරිය මහතා සඳහන් කලේ රෝහලට ඇතුලත් කරන විටත් මෙම දරුවා අසාධ්‍ය මට්ටමේ සිටි බවයි.

තමන්ගේ දරුවන්ට අසනීප තත්වයක් තිබේනම් රෝහලට රැගෙන ඒමට බිය නොවන ලෙසයි ඔහු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ.

“ඇතුළත් කරන අවස්ථාවේදීම එම දරුවා ඉතාමත් අසාධ්‍ය තත්වයේ සිටියා. ඒ අනුව තද බල නියුමෝනියාව තිබෙන බවට සනාත කර ගත්තා කෙසේ වෙතත් දරුවා ඒ අවස්ථාවේදීම දැඩි සත්කාර ඒකකයට ප්‍රතිකාර සඳහා යොමු කළා. දැඩි සත්කාර ඒකකයේ සවස 4 දක්වා පමණ ප්‍රතිකාර ලැබුවා ඒ දරුවා. ඒ අතරතුරදී PCR පරීක්ෂණයක් කළා. PCR පරීක්ෂණයෙන් දරුවාට කොරෝනා සෑදී ඇති බවට තහවුරු වුණා. ඒ වගේම එම දරුවාගේ දෙමාපියන්ගේත් PCR පරීක්ෂණ සිදු කළා නමුත් දෙමාපියන්ගේ කොරෝනා නැති බවට තමයි සනාත වුණේ.

මේ දරුවා මිය යාමට හේතු වුනේ ගොඩක් ප්‍රමාද වෙලා රෝහලට ගෙනාපු හින්දා. මම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ දරුවන්ට අසනීප තත්වයක් තියනවනම් දරුවන් වේලාසනින් රෝහලට රැගෙන එන්න. ප්‍රතිකාර ගැනීමට රෝහලට පැමිණීමට කිසිසේත්ම බය වෙන්න එපා”

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *