Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද (22) දින උදෑසන ශ්‍රී ලංකාව තුලින්‌ තවත් Covid‌ – 19 ආසාදිත පුද්ගලයින්‌ 167ක් හඳුනාගෙන ඇත.

එම පුද්ගලයින්‌ 167 අතරින්‌ එක්‌ පුද්ගලයෙකු ඉතියෝපියාවේ සිට මෙරටට පැමිණ වැලිසර ගුවන්‌ හමුදා නිරෝධායන මධ්‍යස්ථානය තුලදී හඳුනාගත්‌ පුද්ගලයෙකු ලෙස වාර්තා වේ.

එසේම, දේශීයව හඳුනාගත්‌ පුද්ගලයින්‌ 166 සිටින අතර, ඔවුන්‌
සියලුදෙනා මිනුවන්ගොඩ ඇඟළුම්‌ කම්හල පොකුරට අයත්‌ පුද්ගලයින්‌ වේ.

මිනුවන්ගොඩ ඇගළුම්‌ කම්හලේ කොවිඩ්‌ පොකුරේ අද උදෑසන වන විට සම්පූර්ණ ආසාදිතයින්‌ සංඛ්‍යාව 2,510 දෙනෙකු වේ.

ඉන්‌ පුද්ගලයින්‌ 1,207 දෙනෙකු එම ඇඟලුම්‌ කම්හලේ සේවකයන්‌ වන අතර අනෙක්‌ පුද්ගලයින්‌ 1,303 දෙනා එම කම්හලේ සේවකයන්‌ ළඟින්‌ ඇසුරු කළ පුද්ගලයින්‌ වේ.

ඒ අනුව මෙරට වාර්තා වූ කොරෝනා පොකුරු අතරින් දැනට වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ මිනුවන්ගොඩ ඇඟළුම් කම්හල ආශ්‍රිත කොරෝනා පොකුරෙනි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *