Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිතයන් 268 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා.

ඔවුන් සියලු දෙනා පෑලියගොඩ පොකුරේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බවයි ඔහු සඳහන් කළේ.

මේ අනුව දිවුලපිටිය – පෑලියගොඩ පොකුර 20,710 දක්වා ඉහළ යනු ඇති.

ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් ගණන 24,255 ක් බවට පත්වනවා.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 6,320 ක්.

මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් තවත් 257 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 17,817 දක්වා ඉහළ යනු ඇති.

මෙරට සිටින සැක සහිත රෝගීන් ගණන 620 ක්.

ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඞ් මරණ 118 ක් වාර්තා වී තිබෙනවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *