Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දෛනික කොවිඩ් වාර්තාවට අනුව අද (28) දිනය තුල තවත් කොරෝනා මරණ 212 ක් සහ නව ආසාදිතයින් 4,596 වාර්තා වුණා.

ඒ අනුව ඊයේ (27) දිනය තුල දී තහවුරු කරගත් කොරෝනා මරණ ගණන 212කි.

ඊයේ සිදුව ඇති එම කොවිඩ් මරණ 212න් 109 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 103දෙනා පිරිමි පුද්ගලයින් වේ.

වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 173 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලයෙකු සහ කාන්තා‍වක් ද වෙයි.

මේ වනවිට නිල වශයෙන් ලංකාව තුළ වාර්තා කරන ලද කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 8,583කි.

එමෙන්ම අද දිනය තුල දී පළමුවර වාර්තා වූ ආසාදිතයින් 3,764 දෙනාට අමතරව තවත් ආසාදිතයින් 818 දෙනෙකු දෙවනවර මෙරට දී හඳුනා ගැනීමත් සමඟ විදෙස්ගතව සිට පැමිණි ආසාදිතයින් 14ක් ද ඇතුලත්ව බවයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් යාවත්කාලීන කළ නිවේදනයේ සඳහන් වන්නේ.

ඒ අනූව අද (28) දිනයේ වාර්තා වූ ආසාදිතයින් ප්‍රමාණයත් සමඟ මේ දක්වා මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 421,557ක් දක්වා ඉහළ ගියා.

එමෙන්ම අද (28) දිනය තුළ කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,203 දෙනෙකු සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය ද 355,394ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *