මෙරට 147වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළේය.
එලෙස මියගොස් ඇත්තේ 82 හැවිරිදි කොළඹ 13 ප්‍රදේශයේ පදිංවිව සිටි කාන්තාවකි.
කොළඹ ජාතික රෝහලේ සිට කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු මුල්ලේරියාව මූලික රෝහලට මාරු කර යවා ඇති අතර එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඊයේ (10) මියගොස් ඇත.
මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ අධික රුධිර පීඩනය සහ කොවිඩ් නියුමෝනියාව බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.