Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොරෝනා වෛරසය ආසාදිත වූ 23 හැවිරිදි තරුණයෙකු දියවැඩියා රෝගයේ සංකූලතා හේතුවෙන් මිය ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙය මෙරට තහවුරු වූ 30 වැනි කොරෝනා මරණය බව ද ඔහු ඊයේ (05) මිය ගොස් ඇතැයි ද එම දෙපාර්තමේන්තුව කියයි.

අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 23 හැවිරිදි තරුණයෙකු මෙලෙස දියවැඩියා රෝගයේ සංකූලතා සමග කොවිඩ්-19 ආසාදිත විම නිසා මිය ගිය බව එම නිවේදනයේ දැක්වෙයි.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මෝදර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙක් වේ .

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *