Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මෙරට 589වන කොරෝනා මරණය ඊයේ දිනයේ දී වාර්තා වුනා.

මේ අතර ශ්‍රී ලංකාවෙන් ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් 283 දෙනා අතුරින් වැඩිම පිරිස සටහන් වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එම සංඛ්‍යාව 127 ක්.

මීට අමතරව ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වුණ ප්‍රදේශ පහත පරිදි වනවා.

ගම්පහ 26
යාපනය 17
කුරුණෑගල 16
පුත්තලම 10
කලුතර 06
හම්බන්තොට 04
කිලිනොච්චි 03
අම්පාර 03
මාතර 03
මහනුවර 02
මන්නාරම 02
ත්‍රිකුණාමලය 02
වව්නියාව 02
රත්නපුර 01
ගාල්ල 01
මීට අමතරව විදේශයන්හි සිට පැමිණි 58 දෙනෙකුද ඊයේ මෙරටින් හමුවූ කොවිඩ් රෝගීන් අතරට අයත් වනවා.

මේ අතර මෙරටින් තවත් කොවිඩ් ආසාදිත මරණ 02 ක් ඊයේ වාර්තා වීමත් සමග ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ථ කොවිඩ් ආසාදිත මරණ ගණන 598 දක්වා ඉහළ ගියා.

එලෙස මියගොස් ඇත්තේ පුත්තලම ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකු සහ බද්දේගම පදිංචි 72 හැවිරිදි පුද්ගලයෙකු වනවා.

මෙරට 589වන කොරෝනා මරණය
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *