Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාගයට පෙනී සිටින දිවුලපිටිය ප්‍රදේශයේ සිසුවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා.

දිවුලපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එම්. කුලතිලක මහතා පැවසුවේ සිදු කළ PCR පරික්ෂණයේ වාර්තාවට අනුව මෙම සිසුවාට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති බවයි.

එම සිසුවාගේ පවුලේ සාමාජිකයෙකු, කොරෝනා ආසාදිතයෙකු බවට මීට පෙර හඳුනාගෙන තිබෙනවා.

මේ හේතුවෙන් එම සිසුවා සමග විභාගයට පෙනීසිටි සිසුන් 20 දෙනෙකු කණ්ඩායම් දෙකකට බෙදා විභාගයට පෙනී සිටිමේ අවස්ථාව ලබාදී ඇති බව එම්. කුලතිලක මහතා පැවසුවා.

මේ සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසුවේ එම සිසුවා මේ වන විට ඉරණවිල රෝහලට යොමු කර ඇති අතර එහි ස්ථාපිත විභාග මධ්‍යස්ථානයේදී ඔහුට විභාගයට පෙනී සිටිමේ අවස්ථාව සලසා දී ඇති බවයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *