Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා අත් අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග කියයි.

මොරටුව මෝල්පේ සහ මොරටුමුල්ල උතුර ග්‍රාමසේවා වසම් සඳහා සයිනොෆාම් එන්නත ලබා දීමට ගිය වෛද්‍යවරියකට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.

මොරටුව පුරපතිවරයා තම ආධාරකරුවන් පිරිසකට ලබා දුන් අංක (ටෝකන්) පිළිවෙළට අනුව එන්නත් ලබාදිම ප්‍රතික්ෂේප කළ වෛද්‍යවරිය එන්නත් ලබාගැනීමට පැමිණි පිළිවෙළට එන්නත් ලබාදිමට කටයුතු කිරීම නිසා පුරපතිවරයා හා වෛද්‍යවරිය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇතැයි වාර්තා වෙයි.

ඒ සම්බන්ධයෙන් වෛද්‍යවරිය ගල්කිස්ස පොලිසියට කළ පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

එම විමර්ශනවලන් ලැබෙන සාක්කි අනුව ඔහු යම් අත් අඩංගුවට ගැනීමට බොහෝ දුරට සිදුවිය හැකි බව ද පොලිස් ආරංචි මාර්ග පවසයි.

Update : 10.20 AM 28.05.2020

මොරටුව මහ නගර සභාවේ නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඊයේ මොරටුමුල්ල ප්‍රදේශයේ පැවති එන්නත්කරණ වැඩසටහන අතරතුර වෛද්‍යවරුන්ගේ රාජකාරියට බාධා කිරීම සහ නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ චෝදනා මතයි.

නගරාධිපතිවරයා අද උදෑසන නීතීඥවරයෙකු මාර්ගයෙන් ගල්කිස්ස පොලීසියට භාරවීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

මොරටුව නගරාධිපතිවරයා ඇතිකළ උණුසුම් තත්වයට අදාළ වීඩියෝව පහතින්,

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *