Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මොරටුව ප්‍රදේශයේ කටුබැද්ද, පොල්කොටුව මාර්ගය අවහිර වී ඇති ඇළ මාර්ගයක් නගර සභා සේවකයින් විසින් පිළිසකර කිරීමට යාමේදී මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා එයට මැදිහත් වී කටයුතු කිරීමේදී උණුසුම් තත්වයක් ඇති වී තිබෙනවා.

ඇළ මාර්ගය අවහිරවන බව පවසමින් ඉදිකිරීම් කිහිපයක් ඉවත් කිරීමට නගර සභා සේවකයින් කටයුතු කර ඇති අතර එය ඒකපාර්ශ්විය තීරණයක් බව පවසමින් ප්‍රදේශවාසීන් එයට විරුද්ධ වී තිබෙනවා.

එහිදී එයට මැදිහත් වූ නගරාධිපතිවරයා සහ ජනතාව අතර යම් උණුසුම් තත්වයක් ඇති වී තිබෙනවා.

ජනතාව මෙහිදී නගරාධිපතිවරයාට චෝදනාකරමින් පවසා සිටියේ කිහිප විටක්ම ඇළ මාර්ගය පිළිබඳව ඔහුව දැනුවත් කලද ඒ සඳහා කිසිඳු පියවරක් නොගත් බවයි.

එහිදී ජනතාව පාලනය කිරීමට පැමිණි පොලිස් නිලධාරීන්ටද එය නිසියාකාරයෙන් සිදු නොකළ බවට නගරාධිපතිවරයා දෝශාරෝපනය කරනු දක්නට ලැබුනා.

එම වීඩියෝව පහතින්,

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *