Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මොරවක ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් 51 දෙනකු හඳුනාගත් බව මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි හර්ෂ ලුණුවිල මහතා කියයි.

එක් දිනෙක සිදු කළ අහඹු පී.සී.ආර්. පරීක්ෂණ 333 කින් මෙම රෝගීන් හඳුනගෙන ඇති අතර  දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය මෙය බව ද ලුණුවිල මහතා පවසයි.

එම ආසාදිතයන් තේ කර්මාන්ත ශාලාවක සහ නගරයේ ව්‍යාපාරික ස්ථානවල සේවකයින්  බව සෞඛ්‍යය අංශ වැඩි දුරටත්  පවසයි.

කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහ මෙරවක නගරයේ කඩ සාප්පු ලබන බදාදා දක්වා වසා තැබීමට එහි වෙළෙඳ සංගමය කටයුතු කර ඇත.

මේ  වනවිට මොරවක නගරය අවදානම් තත්ත්වයකට පත්ව ඇති අතර සෞඛ්‍ය බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අත්‍යඅවශ්‍ය කරුණකට හැර මොරවක නගරයට පැමිණීමෙන් වළකින ලෙසටයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *