Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මෝදර ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක වැඩිහිටියන් 45 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා ‘මව්බිම’ ට පැවසුවේ අහඹු පී.සී.ආර්. පරීක්ෂණයකින් ආසාදිතයෙකු හඳුනා ගැනීමෙන් පසු එම වැඩිහිටි නිවාසයේ 98 දෙනෙකු සඳහා පී.සී.ආර්. පරීක්ෂණ සිදු කළ බවය. 

ඒ අතරින් 45 දෙනෙකුට මෙලෙස කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. 

වෛරසය ආසාදනය වූ වැඩිහියන් අතරින් 6 දෙනෙකු මේ වන විට රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බවත් අනෙක් ආසාදිතයන් ද අවශ්‍යතාව මත රෝහල් සඳහා යොමු කිරීමට නියමිත බව වෛද්‍ය රුවන් විජයමුණි මහතා පැවසීය. 

මෙම වැඩිහිටි නිවාසයට කොරෝනාවෛරසය ව්‍යාප්ත වූයේ කෙසේදැයි මෙතෙක් නිශ්චිතව තහවුරු වී නොමැති අතර වෛරසය ආසාදනය වූ සියලු දෙනා වයස අවුරුදු 75ට වැඩි වැඩිහිටියන් බව වෛද්‍යවරයා සඳහන් කළේය. 

එමෙන් ම, මෙම වැඩිහිටි නිවාසයේ වයස අවුරුදු 103 සහ 98 වයස්වල පසුවන වැඩිහිටියන් දෙදෙනෙක් ද සිටින බව ඔහු සඳහන් කළේය.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *