Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ගාල්ල යක්කලමුල්ල ප්‍රදේශයේ තරුණයෙකුට ඊයේ රාත්‍රියේ පොලිස් නිලධාරින් පිරිසක් පහරදී තිබෙනවා.

පසුව අදාළ තරුණයා අද උදෑසන නිදහස් කර ඇති අතර, ඔහු මේ වනවිට රෝහල්ගතව සිටින බවයි වාර්තාකරු සඳහන් කළේ.

එම තරුණයා ගාල්ල යක්කලමුල්ල නගරයේ පිහිටි ඖෂධ අලෙවිසැලකදී ඊයේ සවස මේ පහරකෑමට ලක්වන ආකාරය එහි CCTV කැමරාවක සටහන්ව තිබෙනවා.

යම් ශබ්දයක් ඇසීමත් සමඟ අලෙවිසැලෙන් පිටතට පැමිණ ඒ පිළිබඳ විමසිලිමත්වන අවස්ථාවේදී තමා මේ පහරකෑමට ලක්වූ බවයි ඔහු සඳහන් කළේ.

ෆාමසියට ආවෙ විටමින් ගන්න. එක පාරට රතිඤ්ඤා සද්දයක් ඇහුණා. දුවගෙන ආවා බලන්න. රතිඤ්ඤා පත්තු වෙනවා, කවුරුත් හිටියෙ නැහැ. කඩේ අයියා කිව්වා යමං ඇතුලට පොලිසියෙ ප්‍රශ්නයක් කියලා. ධෂක්‍ මහත්තයා ගිහිල්ලා, ඒකට රතිඤ්ඤා දාන්නෙ කිව්වා. ෆාමසියෙ අයියා මගේ කස්ටමර් කෙනෙක් කියලා කියද්දි මට ඇදලා අරං ගැහැව්වා. ගහලා ගහලා උඩට අරගෙන ගියා. මම වැඳලා එපා කිව්වා. සියලුදෙනාම බීලා හිටියෙ. හොඳට ගඳ එනවා. ඔයාලා කළේ වැරදි වැඩක්, මොකද්ද මට ගහන්න හේතුව. ඊට පස්සෙ කිව්වා වැරදීමක් කියලා. මම කිව්වා වැරදීමකින් හරි ඔහොම බල්ලන්ට වගේ ගහනවද? හොයලා බලන්න තිබුණනෙ කියලා

සිද්ධියෙන් පසු තරුණයාව යක්කලමුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, යළි අද උදෑසන ඔහුව නිදහස් කර තිබෙනවා.

පහරකෑමට ලක් වූ තරුණයා මේ වනවිට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්‍ෂණයක් ක්‍රියාත්මකයි.

Sharing is caring!

1 Comment

  • Thisara, 2021-05-10 @ 10:24 PM Reply

    මාස්ක් එකක්වත් නැතුව පොලිසිය හැසිරෙන අපූරුව… ඔක්කොගෙම වැඩ තහනම් කරන්න ඕනෙ. අපි ඔතන හිටියත් අපිටත් ඔය ටික තමා වෙන්නෙ..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *