Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඉකුත් 31 වනදා ආරම්භව පැය 48ක කාලයක් තුල යතුරුපැදි වැරදිකරුවන් හරහා සිදුවන අනතුරු අවම කිරීම සඳහා ක්‍රියාත්මක වූ මෙහෙයුම් අතර යතුරුපැදි වැරදි 8957ක් සම්බධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්ප්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

බීමතින් යතුරුපැදි ධාවනය කළ පුද්ගලයින් 264 දෙනෙකු ද එහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු පවසන්නේ ආරක්ෂිත හිස් වැසුම් නොමැතිව යතුරුපැදි ධාවනය කළ 1298ක් සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක කළ බවයි.

යතුරුපැදි අනතුරු අවම කිරීම සඳහා ක්‍රියාත්මක මෙම මෙහෙයුම් අද දිනයේද ක්‍රියාත්මක වීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *