Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරගයේ ජය වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම අද සමත් වුණා.ඒ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 67 කින් පරාජය කරමින්. තරගය පැවැත්වුනේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී .

අයහපත් කාලගුණය හේතුවෙන් තරගය ආරම්භ කෙරුනේ  නියමිත වේලාවට වඩා පැය එක හමාරක ප්‍රමාදයකට පසුවයි. විටෙන් විට ඇදහැලුණු වර්ශාව නිසා එක් කන්ඩායමකට පන්දුවාර 47 බැගින් ලබා දීමට විනිසුරුවන් තීරණය කලා.

කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකා කන්ඩායමේ නව නායක කේශව් මහරාජ් පලමුව පන්දුවට පහරදීමට තීරණය කල අතර දකුණු අප්‍රිකා කණ්ඩායම  පන්දුවාර හතලිස් හත අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 283ක් රැස් කර ගැනීමට සමත් වුණා.

දකුණු අප්‍රිකානු ඉනිමේ පළමු කඩුල්ල ලෙස ඒඩ්න් මාක්‍රම් සිය පළමු පන්දුවාරයෙන්ම දවා ගැනීමට චාමික කරුණාරත්න සමත් වූ අතර කලකට පසු එක්දින තරගයකට ක්‍රිඩා කල රීසා හෙන්‍රික්ස් සමගින් එක්වු යන්මන් මලාන්ගේ සම්බන්ධතාවය ධනංජය ද සිල්වා බිද දැමුවේ හෙන්‍රික්ස් ලකුණු 51 ක් ලබා සිටියදී.

දකුණු අප්‍රිකානු තුන් වන කඩුල්ල ලෙස වැන්ඩර් ඩූසන් ලකුණු 16 ක් ලබා සිටියදී වනිදු හසරංග ඔහුව දවා ගැනීමට  සමත් වුණා.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමින් සිය තුන් වන ශතකයද ශ්‍රී ලංකා කන්ඩායමට එරෙහිව වාර්තා කිරීමට යන්මන් මලාන් සමත් වූ අතර ශ්‍රී ලංකා කන්ඩායම දුර්වල පන්දු ‍රැකීම හමුවේ  ලකුණු 250 සීමාව පහසුවෙන්  පසු කිරිමට දකුණු අප්‍රිකා පිතිකරුවන් සමත් වුණා.

හෙන්රි ක්ලාසන් පන්දු 27 තුල වේගවත් ලකුණු 44 ක් ලබා සිටියදී චමීරගේ පන්දුවක් හමුවේ දැවී ගිය අතර  යන්මන් මලාන් ලකුණු 121 ක් ලබා සිටියදි දැවී ගියේ දුශ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේයි. මලාන්ගේ ඉනිමට හතරේ පහර 9 ක් සහ එක් හයේ පහරක් එකතුවී තිබුණා.

ඒ අනුව නියමිත පන්දුවාර 47 නිමා වන විට දකුණු අප්‍රිකාව ලකුනු 283 ප්‍රභල ලකුණු පුවරුවක් තමන් සතු කර ගන්නට සමත් වූ අතර  දුශ්මන්ත චමිර සහ චාමික කරුණාරත්න අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා. වනිදු හසරංග සහ ධනංජය ද සිල්වා එක කඩුල්ල බැගින් ලබාගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටියදී ද තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ බැවින් තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකාවට පන්දුවාර 41කදී ලකුණු 265ක ඉලක්කයක් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ හිමි වුණා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවට පන්දුවාර 36.4ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 197ක් පමණයි.

පළමු කඩුලු 3 ලකුණු 19කට දැවී ගියා. අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 8කටත්, මිනෝද් භානුක ලකුණු 7කටත්, භානුක රාජපක්ෂ ලකුණු නොලබාත් දැවී ගියේ තරගයේ පාලනය දකුණු අප්‍රිකාවට නතු කරමින්.

කණ්ඩායමේ බර තම කර මතට ගනිමින් සටන්කාමී නිර්භය ඉනිමක් දියත් කළ චරිත් අසලංක පන්දු 69කදී ලකුණු 77ක් රැස් කළේ හයේ පහර 3ක් හා හතරේ පහර 5ක් සමගින්.

නායක දසුන් ශානක ලකුණු 30කට දැවී ගිය අතර, චාමික කරුණාරත්න පන්දු 23කදී ලකුණු 36ක් ලබා ගත්තා. චාමිකගේ ඉනිමට හයේ පහර 2ක් හා එක් හතරේ පහරක් ඇතුළත්.

එක්දින තරගයක සිය හොදම පන්දු යැවීම ප්‍රදර්ශනය කළ ටැබ්රයිස් ශම්සි ලකුණු 49කට කඩුලු 5ක් දවා ගත්තා. කාගිසෝ රබාඩා බිද හෙලූ කඩුලු ගණන 2ක්.

දෙරට අතර පැවැත්වෙන අවසන් එක්දින තරගය ලබන 7 වනදා පැවැත්වීමට නියමිතයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *