Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොවිඩ් මර්දනය සඳහා පැනවූ සීමාවන් ඉවත්කිරීම තුළ වෛරස ව්‍යාප්තිය ඉහළ යාමේ වැඩි ඉඩකඩක් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍යවරයා සඳහන් කර සිටියේ කිසිසේත් ම ජනතාව අවදානමෙන් මිදී නොමැති බවය.

තාමත් අපි කියන්නේ එක්තරා ආකාරයකට අඩුවීමක් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවක දකින්න පුළුවන් දෙයක්.

නමුත් අපි මේ වෙලාවේ රෝගය පැතිරීමට ඉඩදෙන අවස්ථා මඟහැරීමට ගත් තීරණ ගණනාවක් අයින්කරලා කරලා තියෙනවා. එවන් තත්ත්වයක් තුළ නැවත මේ රෝගය වැඩිවීමට අවකාශ වෙනදාට වඩා වැඩිවෙලා තියෙනවා.

මේ තත්ත්වය තුළ අපි සියලුදෙනාම සෞඛ්‍ය පුරුදු සහ සංචරණ කටයුතු අපට කළ හැකි උපරිමයට සීමා කරගෙන කටයුතු කළොත් මේ අඩුවීම තවදුරටත් පවත්වාගෙන යමින් සාධාරණ ලෙස අපිට පාලනය කළ හැකි ප්‍රමාණයකට රෝගීන් සංඛ්‍යාව පහළට ගෙන ආවොත් අපිට සමාජිය හා ආර්ථික කටයුතු ඉදිරියට කරගෙන යමින් නව සාමාන්‍යයක් කරා අපට යන්න පුළුවන් වෙයි.

මේ අතර ආගමික ස්ථාන ඇතුලු වෙනත් ස්ථානවල ජනතාව එක්රැස්වීමෙන් යළිත් වරක් කොරෝනා පොකුරු හටගැනීමේ අවදානමක් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

එබැවින් ආගමික වතාවත්වල නිරතවීමේදී සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිළිපදින ලෙසයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ඉල්ලා සිටියේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *