Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රට පුරා පවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන සහ සියලූ පළාත් කාර්යාල නැවත දැනුම්දෙන තෙක් මහජනතාව සඳහා විවෘත නොකිරීමට තීරණය කර තිබෙනවා.

කෙසේවෙතත් විභාග සම්මුඛ පරීක්ෂණ සහ විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම වැනි හදිසි කටයුතු සඳහා ජාතික හැඳුනුම්පත් අවශ්‍ය පුද්ගලයන්ට කොළඹ ප්‍රධාන කාර්යාලයේ 011 5 226 126 සහ 011 5 226 100 අංකවලින් තොරතුරු ලබාගත හැකියි.

091 22 28 348 අංකයෙන් දකුණු පළාතේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පළාත් කාර්යාලය සහ 037 22 24 337 අංකයෙන් වයඹ පළාත් කාර්යාලය සම්බන්ධ කර ගැනීමේ හැකියාව පවතිනවා.

මීට අමතරව 065 22 29 449 අංකයෙන් නැගෙනහිර කාර්යාලයද 024 22 27 201 අංකයෙන් උතුරු පළාත් කාර්යාලය සමග සම්බන්ධ විය හැකියි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *