Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොවිඩ් 19 අවදානමක් හේතුවෙන් යාපනය උඩුවිල් සහ තෙලිප්පලෙයි අධ්‍යාපන කලාපයන් දෙකෙහි පිහිටි සියලු පාසල් අද (14) සිට නැවත දැනුම් දෙනතුරු නිවාඩු ලබා දීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශයේ උතුරු පළාත් අධ්‍යාපන ලේකම් එල්.ඉලංකෝවන් මහතා පවසනවා.

උඩුවිල් අධ්‍යාපන කලාපයේ කොවිඩ් ආසාදිතයින් වාර්ථාවීමත් සමග එම ආසාදිතයින් තෙලෙිප්පලෙයි අධ්‍යාපන කලාපයේද සංචරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ නිසා එම ප්‍රදේශයන් නිරෝධායනය කිරීමට සිදුවීමත් හේතුවෙන් මෙලෙස අදාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි පිහිටි පාසල් වෙතට නිවාඩු ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

මේ අනුව උඩුවිල් අධ්‍යාපන කලාපයේ පාසල් 33ක් සහ තෙලිප්පලෙයි අධ්‍යාපන කලාපයේ පාසල් 40කට මෙලෙස නැවත දැනුම් දෙනතුරු නිවාඩු ලබා දී ඇති තිබෙනවා.

අදාල අධ්‍යාපන කලාපයන්හි අධ්‍යාපනය ලබන සිසු දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙලෙස පියවර ගත් බවයි උතුරු පළාත් අධ්‍යාපන බලධාරීන් වැඩිදුරටත් පැවසුවේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *