Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

යාපනය දිස්ත්‍රීක්කය තුල දෛනික කොරෝනා ආසාදිතයින් අගය සීග්‍රයෙන් වැඩිවී ඇති අතර ආසාදිතයින් 10,000 ඉක්මවා මරණ ද 200 වාර්තා වී ඇති බවට යාපනය දිස්ත්‍රික් දිසාපති කනපතිපිල්ලෙයි මහේෂණ් මහතා පැවසීය.

යාපනයේ පවතින වත්මන් වාතාවරණය පිළිබඳව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මාධ්‍යට අදහස් දක්වමින් දිසාපතිවරයා මේ බව පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිසාපතිවරයා පවසා සිටියේ,

ගෙවී ගිය අවසන් දින කිහිපය තුලදී කොරෝණා මරණ සංඛ්‍යාව යාපනයේ වැඩිවීම මගින් මරණ 200 සීමාව ඉක්මවා ගිහින් තියෙනවා. ඒ වගේම ආසාදිතයින් 10,000 සීමාවත් ඉක්මවලා. දෛනික පුද්ගල ආසාදිත අගය 130 ත් ඉක්මවලා.

මේ වන විට යාපනයේ පවුල් 3019 කටඅයත් පුද්ගලයින් 8616 ස්වයං නිරෝධායන ක්‍රියාවලියට යොමු කොට තිබෙනවා. පවතින තත්වය බොහෝ සෙයින් අවධානම් හෙයින් කිසිදු වැසියෙකු සිය නිවසෙන් පිටතට නොයන ලෙසටත් හැකි අයුරින් සෞඛ්‍ය නිලධාරීන්ට සහය ලබා දෙන ලෙසටත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

යනුවෙනි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *