යාපනය දිස්ත්‍රික්කයෙන් ඊයේ (මාර්තු 25) දිනය තුළින් පමණක් කොරෝනා වෛරස ආසාදිතයින් 80 දෙනෙකු වාර්තා වී ඇති බව යාපනය මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී කාර්යාලය පවසයි.
එම කාර්යාලය සඳහන් කළේ, යාපනය මහ නගර සභා සීමාව තුළින් ආසාදිතයින් 77 දෙනෙකු වාර්තාවී ඇති බවය.
එය ද සැලකිල්ලට ගෙන පසුගිය සතියක කාලය තුළ යාපනය දිස්ත්‍රික්කය තුළින් ආසාදිතයින් අධික ලෙස වාර්තා වීම හේතුවෙන් යාපනය මහ නගර සීමාවේ කොටසක් වසා දැමීමට යාපනය දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුව තීරණය කර තිබේ.
කොවිඩ්-19 පැතිරීමේ වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ, ඒ අනුව යාපනය නගරයේ කස්තුරි පාර, පවර්හවුස් පාර සහ කන්කසන්තුරේ මාර්ගයේ මනිපායි මංසන්ධිය දක්වා වූ මාර්ගවල කොටස් කිහිපයක් වසා දමා ඇති බවය.
යාපනය පොළ භූමිය, යාපනය තිරුනෙල්වේලි පොළ භූමිය හා යාපනය නගරයේ ආසාදිතයින් හමුවූ වෙළෙඳ ව්‍යාපාරික ස්ථාන මීට පෙර වසා දමා තිබුණු බව අප වාර්තාකරු සඳහන් කළේ ය.
මේ අතර, යාපනය නගරයේ පාසල් දරුවන් කිහිපදෙනෙකුට ද කොරෝනාවෛරසය ආසාදනය වීම හේතුවෙන් අදාළ දරුවන්ගේ ආශ්රිත දරුවන් ද පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුකර ඇති අතර ඔවුන්ට නිරෝධායනය වන ලෙසට දැනුම්දී ඇති බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී කාර්යාලය සඳහන් කළේ ය.