Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ දී නිවසක කාමරයක් තුළ නිදා සිටියදී පිළිස්සී මියගිය යුවළගේ මරණය සම්බන්ධයෙන් පොලීසියෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. 

ඒ අනුව, මෙම යුවළ රැඳීසිටි කාමරයේ පෙට්‍රල් අඩංගු ලීටරයක ධාරිතාවකින් යුත් පිළිස්සී ගිය ප්ලාස්ටික් බෝතල් 05ක් තිබී ඇති බවට මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත.

අද (01) අලුයම 4.15 ට පමණ නිවසක් තුළ පිළිස්සී මියගිය අඹුසැමි යුවළකගේ මළ සිරුරු හමුවී තිබුණි.

එලෙස පිළිස්සී මියගොස් ඇත්තේ 31 හැවිරිදි සරවනභවා රංජිත්කුමාර් නමැති පුද්ගලයෙක් සහ 26 හැවිරිදි ක්‍රිෂාන්තිනී නමැති ඔහුගේ බිරිඳය.

නිවසේ සිටි අනෙක් පිරිස අදාළ කාමරයේ දොර කඩා කාමරයට ඇතුළුවී තිබෙන අතර ඒ වනවිටත් ඔවුන් පිළිස්සී මියගොස් ඇති බව ඔවුන් පොලීසිය හමුවේ පවසා ඇත.

කෙසේ වෙතත්, ගින්න ඇති වීමට හේතුව සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වන බව පොලිසිය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *