යාපනයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ සීඝ්රගාමී දුම්රියක ඊයේ ( 9 ) ගිනිගෙන තිබේ.
වවුනියාවේ තාණ්ඩික්කුලම දුම්රිය ස්ථානයට නුදුරු ප්රදේශයේදී එක්වරම දුම්රිය ගිනිගෙන ඇත.
දුම්රිය කාර්ය මණ්ඩලය වහාම ක්රියාත්මක වී ගිනි නිවන යන්ත්රවල ආධාරයෙන් ගින්න මැඩපවත්වා ගෙන පැය කීපයක ප්රමාදයකින් පසුව දුම්රිය යළිත් වවුනියාවේ සිට කොළඹට ගමන් ආරම්භ කොට තිබේ.
දුම්රියේ හටගත් මෙම ගින්න පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කොට තිබේ.