Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

යාපනය මහනගර සභාවේ නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් මහතා අද (අප්‍රේල් 9) අළුයම යාපනය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, එල්.ටී.ටී.ඊ පොලිස් නිලධාරීන් යැයි පැවසෙන පුද්ගලයින් භාවිත කළ ඇඳුමට සමාන ඇඳුමකින් සැරසුණු පුද්ගලයින් 5 දෙනෙකු යාපනය නගරය ආසන්න ප්‍රදේශයක රාජකාරී කටයුතු සඳහා යොදා ගැනීම හරහා එම සංවිධානය ප්‍රවර්ධනයට අනුබලදීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බවය.

අදාළ පුද්ගලයින් නගරසභාව විසින් රාජකාරීයේ යොදවා ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී අනාවරණ වී ඇත.

ඒ අනුව, යාපනය මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරයා ඇතුළු පුද්ගලයින් රැසකගේ ප්‍රකාශ සටහන් කර ගැනීමේදී අදාළ පුද්ගලයින් තාවකාලිකව නගර සභාවට බඳවා ගෙන නිල ඇඳුමක් නිර්මාණය කර සේවයේ යොදවා ඇත්තේ නගරාධිපතිවරයා බව අනාවරණය වුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, අත්අඩංගුවට ගත් සැකකරු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත භාරදීමට නියමිත බවය.

යාපනය නගරාධිපති අත්අඩංගුවට
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *