Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියා මණ්ඩපයේ සිසුන් 31 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

වවුනියාව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මහේන්ද්‍රන් මහතා මේ බව තහවුරු කළේ ය.

යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියා මණ්ඩපයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ විභාග සඳහා පැමිණ විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල රැඳී සිටි

සිසුන්ගේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ප්‍රතිඵල අනුව ඊයේ (මැයි 12) දිනයේ මේ බව තහවුරු වී ඇත.

වවුනියා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කළේ, ශිෂ්‍ය නේවාසිකාගාරවල සිසුන් 70 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට යොමු කළ බවත් ඉන් සිසුන් 31 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවත් ය.

මේ අතර, වවුනියා මහ රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකු, හෙද නිලධාරීන් දෙදෙනෙකු හා රෝහල් සාත්තු සේවකයෙකුට ද කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *