Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

යාල වනෝද්‍යානයේ සතුන්ට හිංසා වන පරිදි හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් 9 දෙනා ශරීර ඇප මත මුදාහැර තිබෙනවා.

අප වාර්තාකරු කියාසිටියේ එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මෙලෙස ඔවුන් මුදාහැර ඇති බවයි.

යාල වනෝද්‍යානය තුළ සතුන්ට හිංසා වන පරිදි නීති විරෝධීව පිරිසක් අනිසි ලෙස හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 9 දෙනෙකු ඔවුන් පැමිණි මෝටර් රථ 6ක් සමඟ වනජීවි දෙපාර්තමේන්තුවට භාර වී තිබුණා.

ඒ අනුවයි එම පුද්ගලයන් සහ මෝටර් රථ අද තිස්සමහරාම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණේ.

මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් ද පත්කර තිබෙනවා.

සංවේදී පරිසර කලාපයක් සහිත යාල ජාතික වනෝද්‍යානය තුල වන සතුන්ට හිරිහැර වන ලෙස සුඛෝපභෝගී ජීප් රථ හා කැබ් රථවලින් පැමිණි මෙම පිරිස පසුගිය 22 වැනි සෙනසුරාදා මෙලෙස නොහික්මුණු ලෙස හැසිරී තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් වනජීවි හා වන සම්පත් අමාත්‍යවරයා ලබාදුන් උපදෙස් අනුව අමාත්‍යාංශ ලේකම්වරිය අදාළ විමර්ශන අවසන් වනතෙක් යාල වනෝද්‍යානයේ මෙම ජීප්රථ සමඟ වනෝද්‍යානය තුළට ගිය මඟ පෙන්වන්නන් සහ නිලධාරීන් 7 දෙනෙකුගේ වැඩ තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

කෙසේවෙතත් යාල වනෝද්‍යාන ආරංචි මාර්ග ප්‍රකාශ කළේ මේ වන තෙක් එවැනි තීරණයක් පිළිබඳ අමාත්‍යාංශ මට්ටමින් දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.

මෙලෙස පැමිණි පුද්ගලයන්ට හා වාහනවලට වසර 3ක් යනතෙක් මෙරට කිසිදු ජාතික වනෝද්‍යානයකට ඇතුළුවීමට නොහැකි වන පරිදි අසාදු ලේඛනගත කිරීමට ද පියවර ගත් බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා පැවසුවා.

සිද්ධියට අදාළව පුද්ගලයන් 9 දෙනෙකු සහ ඔවුන් පැමිණි මෝටර් රථ 6ක් සමඟින් වනජීවි දෙපාර්තමේන්තුවට භාර වී තිබෙනවා.

ඒ අනුව එම පුද්ගලයන් අද දින තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළව ඉදිරි විමර්ශන කටයුතු සඳහා අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයෙකුගේ සභාපතීත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් ද පත් කිරීමට වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය තීරණය කර තිබෙනවා.

මෙම සිද්ධියට අදාළව නිලධාරීන් රාජකාරීමය වගකීම් පැහැර හැරීම හා ඔවුන් විසින් මෙම සිද්ධිය සම්බන්ධව ඉහළ නිලධාරීන් දැනුවත් කිරීමට පියවර නොගැනීම සම්බන්ධව මෙම ත්‍රිපුද්ගල කමිටුව විමර්ශන කරනු ඇති.

මේ අතර අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීද යාල වනෝද්‍යානයේ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *