Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

යුක්‍රේනයේ රැඳී සිටින සියලු ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිතව ගෙන්වා ගැනීමේ කටයුතු සම්බන්ධීකරණය සඳහා සුදුසු පියවර ගන්නා ලෙස, කිව් අගනගරය සමඟ සබඳතා ඇති අන්කාරා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට විදේශ අමාත්‍යංශය උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ යුක්රේනයේ පවතින යුධමය වාතාවරණය තත්ත්වය උත්සන්න වීම හේතුවෙන්.

එමෙන්ම යුක්‍රේනයේ පවතින අර්බුදකාරි වාතාවරණය හේතුවෙන් එරට සිටින ශ්‍රී ලාංකිකයින්ට අවශ්‍ය තොරතුරු දැන ගැනීම සඳහා විශේෂ දුරකතන අංක 2 ක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව යුක්‍රේනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට අන්කාරාහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ, පැය 24 පුරා ක්‍රියාත්මක ක්ෂණික ඇමතුම් මධ්‍යස්ථානයක් ස්ථාපනය කර ඇති බවයි විදේශ අමාත්‍යංශය සඳහන් කළේ.

+90 534 456 94 98 හෝ +90 312 427 10 32 යන දුරකතන අංක ඔස්සේ තානාපති කාර්යාලය තොරතුරු දැන ගැනීමටත්, තොරතුරු දැනුම් දීමටත් හැකියි.

Leave a Reply

Your email address will not be published.