රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේනයේ ඩොන්බෑස් කලාපයේ ‘හමුදා මෙහෙයුමක්’ නිවේදනය කර තිබෙනවා.
මෙම මෙහෙයුමෙන් යුක්රේනය අත්පත් කර ගැනීමේ බලාපොරොත්තුවක් නැති බව ද එහි සන්නද්ධ පිරිස් නිරායුධ කිරීම අරමුණ බවත් පුටින් පවසයි.
යුක්රේනයට නේටෝ සාමාජිකත්වය ලබා දීමට බටහිර රටවල් විසින් යෝජනා කිරීමත් රුසියාව ඊට විරුද්ධ වීමත් මූලික කරගත් අර්බුදයක් මෙම ගැටුමට මුල් වී ඇත.
මේ වන විටත් ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු යුරෝපා රටවල් කිහිපයක් විසින් රුසියාවට එරෙහිව සම්බාධක පනවා ඇත.
මේ වන විට රුසියානු භටපිරිස් ලක්ෂ දෙක ඉක්මවූ පිරිසක් යුක්රේන දේශ සීමාවට පැමිණ ඇති අතර ඔවුන් රුසියාව පුටින් ගේ නියෝගය මත යුක්රේනයට ඇතුළු වීමට නියමිතව තිබේ.
බටහිර කලාපය සහ යුක්රේනය දක්වන ප්‍රතිචාරවලට ක්‍රියාමාර්ගයක් ලෙස මෙම මෙහෙයුම නිවේදනය කළ බවයි රුසියානු ජනාධිපතිවරයා එරට රූපවාහිනිය අමතමින් නිවේදනය කර ඇත්තේ.
තවද රුසියානු බටහිරින් සහ යුක්රේනයෙන් අඛණ්ඩව මෙවැනි ප්‍රතිචාර දැක්වීම් අඛණ්ඩව සිදුවුවහොත් අඛණ්ඩව ප්‍රතිවිපාක ද විඳීමට සිදුවනු ඇති බව ද එම නිවේදනය හරහා ජනාධිපතිවරයා අනතුරු අඟවා තිබෙනවා.
මේ අතර රුසියානු හමුදා යුක්රේන නගර කිහිපයකට මිසයිල ප්‍රහාර එල්ල කරමින් එරට දකුණු වෙරළ තීරයට රුසියානු හමුදා ගොඩ බැස තිබෙන බව මීට සුළු මොහොතකට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කළා.