රුසියාව තුළ ජාත්‍යන්තර පාපන්දු තරග පැවැත්වීමට ඉඩ ලබා නොදෙන බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය නියෝගයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙන වටපිටාවක රුසියාවේ සහ බෙලරුසියාවේ ජාත්‍යන්තර ටෙනිස් සම්මේලන සාමාජිකත්වය අහෝසි කරන ලෙස යුක්රේන ටෙනිස් සංගමය ඉල්ලීමක් කර තිබේ.
ජාත්‍යන්තර ටෙනිස් සම්මේලනය එම ඉල්ලීම පිළිගතහොත් වත්මන් ලෝක ටෙනිස් පිටියේ අංක එකේ ක්‍රීඩකයා වන රුසියාවේ ඩැනීල් මෙද්වදේව්ට සහ ලෝක ටෙනිස් ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම් වල දෙවන ස්ථානයේ පසුවන බෙලරුසියාවේ අර්යානා සබලෙන්කාට ඉදිරියේදී ජාත්‍යන්තර ටෙනිස් තරග වලට සහභාගි වීමට නොහැකි වනු ඇත.
ඩුබායි විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබූ රුසියානු ක්‍රීඩක ඇන්ඩ්‍රෙ රුබෙල්ව් අවසන් පූර්ව තරගය නිමවීමෙන් පසු ‘NO WAR PLEASE’ ලෙස රූපවාහිනී කැමරාවක සටහනක් තබනු ලැබීය.
මේ අතර ජාත්‍යන්තර ජූඩෝ සම්මේලනයේ ගෞරවනීය සභාපති ධූරයක් දැරූ රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින්ව එම ධුරයෙන් ඉවත් කිරීමටද ජාත්‍යන්තර ජූඩෝ සම්මේලනය තීරණය කර තිබේ.